Loading...

කුසල් මෙන්ඩිස්ට IPL වරම්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ Play Off වටයේ තරඟ ක්‍රීඩා කිරීම සඳහා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් කුසල් මෙන්ඩිස් කැඳවා තිබෙනවා.

කුසල් මෙන්ඩිස්ට මෙම කැඳවීම ලැබී ඇත්තේ එංගලන්ත පිතිකරු මෙන්ම කඩුලු රකින්නා වන ජෝස් බට්ලර් වෙනුවටයි.

ඉන්දීය සහ පාකිස්තානය අතර පැවැති යුද අවධානම හේතුවෙන් හදිසි තීරණයක් ගනිමින් මෙම තරඟාවලිය පසුගිය 9 වනදා සිට සතියක කාලයකට අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

මේ අනුව තරඟාවලිය ලබන 17 වනදා සිට යළි ක්‍රියාත්මක වනු ඇති.

කෙසේ වෙතත් තරඟාවලිය නියමිත දිනට අවසන් කිරීමට නොහැකි වූ වීමෙන් ජෝස් බට්ලර්ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි සීමිත පන්දුවාර තරඟාවලිය ක්‍රීඩා කිරීම සඳහා එංගලන්තය බලා පිටත්ව යාමට සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් ටයිටන්ස් කළමනාකාරිත්වය විසින් මෙලෙස කුසල් මෙන්ඩිස්හට මෙම කැඳවීම සිදුකර ඇති බව සඳහන්.

එක්දින හා විස්සයි විස්ස තරඟ 3ක් බැඟින් වූ එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් සීමිත පන්දුවාර තරඟාවලිය මැයි මස 29 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

IPL තරගාවලියේ අවසන් වටයේ තරඟ ජුනි මස 3 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *