Loading...

කුමාර් සංගක්කාර නැවත ක්‍රිකට් පිටියට?

ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර කටයුතු කිරීමට නියමිත බව වාර්තා වනවා.

තරඟාවලිය ලබන නොවැම්බර් මස 17 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවැල්වලින් හිටපු ප්‍රබල ක්‍රීඩකයන්ගේ සමන්විත කණ්ඩායම් මෙම තරඟාවලියට සහභාගී වීමට නියමිතයි.

සෙසු කණ්ඩායම්වල නායකයන් ලෙස ෂේන් වොට්සන් (ඕස්ට්‍රේලියාව), ජැක් කලිස් (දකුණු අප්‍රිකාව), බ්‍රයන් ලාරා (බටහිර ඉන්දීය කොදෙව්), සචින් තෙන්ඩුර්කාර් (ඉන්දියාව) සහ ඉයන් මෝගන් (එංගලන්තය) කටයුතු කිරීමට කරනු ඇති.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *