Loading...

චාල්ස් රජු ඇමෙරිකාවේ නිල සංචාරයකට සුදානම් වෙයි

බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු අමෙරිකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

බකිංහැම් මාළිගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම සංචාරය අතරවාරයේ දී එරට කොංග්‍රස් මණ්ඩලයේ ඒකාබද්ධ සැසියක් ඇමතීමට සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පෞද්ගලික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

අප්‍රේල් 27 සිට අප්‍රේල් 30 වනදා දක්වා කාලය තුළ මෙම සංචාරය සිදුවනු ඇති.

සංචාරය සඳහා චාල්ස් රජු සහ කැමිලා රැජින එක්වන අතර වොෂින්ටන් DC, නිව්යෝර්ක් සහ වර්ජිනියා යන ස්ථානවල සංචාරය කිරීමට නියමිතයි.

අමෙරිකානු නිදහසේ 250 වන සංවත්සරය සනිටුහන් කරමින් සංවිධානය කර ඇති මහජන උත්සව මාලාවකට සහභාගී වීම මෙම සංචාරයේ මුලික අරමුණ වනවා.

අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය අතර පවතින සුවිශේෂී සබඳතාව දැඩි අර්බුදයකට ලක්ව ඇති මොහොතක මෙම සංචාරය සිදුවීම විශේෂත්වයක් වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *