හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීම අවසර දීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම මැයි මස 7 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන් සමරකෝන් මහතා කියා සිටියේ ඒ අනුව ඊට අදාළ නියෝගය අද (30) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණත් එය ප්‍රකාශ කිරීම මැයි මස 7 වනදා දක්වා කල් තබන බවයි.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන් නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දුන් නියෝගය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අමාත්‍යවරයා මෙම පෙත්සම ගොනු කර තිබුණා.
Leave a Reply