Loading...

කෙහෙළිය ඇතුළු පිරිස ලබන 08 වනදා දක්වා රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයන කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 09 දෙන ලබන මස 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඊට අදාළ නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය හමුවේ අද (28) යළි විභාගයට ගනු ලැබුවා.

හිටපු අමාත්‍යවරයාට අමතරව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පිරිසට සෞඛ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය් හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර ගුප්ත, එහි අතිරේක ලේකම් සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ද ඇතුළත් වනවා.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය නඩු විභාගය ආරම්භයේ දී මේ දක්වා සිදුකර ඇති පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කළා.

මෙහිදී ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඉදිරි පරීක්ෂණ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාට සහ සෞඛ්‍ය ලේකම්වරයාට ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කර පිළිතුරු ලබා ගැනීමට අපේක්ෂා කරමින් සිටින බවත් ඒ සඳහා අවසර දෙන ලෙසත්ය.

මේ අනුව ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්ෂිමැබ් යන ඖෂධ බෙදා හැර ඇත්තේ කුමන රෝහල් සඳහා ද, එම රෝගීන්ගේ වාට්ටු අංක සහ රෝගීන්ගේ නම් සහ ඖෂධය ලබාදීමෙන් පසු දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර සඳහා ඇතුළත් වී ඇති රෝගීන් සම්බන්ධ ප්‍රශ්ණාවලියක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාට යොමු කරන බවද ඇය සඳහන් කළා.

අදාළ ප්‍රශ්ණාවලියේ ඇතුළත් කෙරෙන සෙසු ප්‍රශ්ණ වන්නේ අදාළ ඖෂධ ලබාදීමෙන් පසු මරණයට පත්වී ඇති රෝගීන් ඖෂධ ලබාගත් රෝගීන් ජීවත් වන්නේ නම් ඔවුන්ගේ වර්ථමාන තත්ත්වයයි.

මරණයට පත්වූ රෝගීන්ගේ මරණ පරීක්ෂණ වාර්තාව ද ලබා ගැනීමට නියමිත බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියා.

ඇය සඳහන් කළේ අදාළ වාර්තාව ලබන මැයි මස 30 වනදාට පෙර ලබාගත යුතු බවයි.

එම වාර්තා ලබන මැයි මස 30 වනදාට පෙර ලබාගත යුතු බවයි ඇය ප්‍රකාශ කළේ.

එමෙන්ම ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්ෂිමැබ් යන ද්‍රාවණ දෙක වෛද්‍ය සැපයුම් අංශයට සැපයීම පිළිබඳව ආයතන මට්ටමින් සිදුකරන ලද පරීක්ෂණ, එම පරීක්ෂණ සිදුකළ නිලධාරීන්, ඒ සම්බන්ධ ලිපිගොනු, එහි වර්තමාන ප්‍රගතිය ඇතුළත් ප්‍රශ්නාවලියක්ද ලබන මස 30 වනදාට දිනට පෙර සෞඛ්‍ය ලේකම්වරයාට යොමු කරීමට ද නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *