කරුණාරත්න පරණවිතාන මහතා 09 වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (03) දිවුරුම් දෙනු ලැබුවා.
ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්වූයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ තලතා අතුකෝරල මහත්මිය සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීම හේතුවෙන්.
ඇය පසුගිය අගෝස්තු 21 වනදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බවයි.
මේ අතර කරුණාරත්න පරණවිතාන මහතා 09 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (03) දිවුරුම් දෙනු ලැබුවා.
මේ අතර පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තා.
ඔහු එළැඹෙන ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට පසුගිය 29 වන තීරණය කළා.







Leave a Reply