Loading...

ආචාර්ය පදවිය ආවේ කොහෙන්ද හොයන්න අධිකරණ ඇමති CIDයට එයි

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම පිළිබඳව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ යම් පුද්ගලයෙක් තමාව අපකීර්තියට හෝ තම දේශපාලනය කෙරෙහි ඇති විශ්වාසය බිඳ දැමීමේ අරමුණින් ව්‍යාජ දත්ත ඇතුළත් කිරීමක් කළා දැයි සැක සහිත බවයි.

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ “ආචාර්ය හර්ෂණ නානායක්කාර” යනුවෙන් පළකර තිබීමෙන් පසුව අමාත්‍යවරයා සිදුකළ පැමිණිල්ලක් මත එය නිවැරදි කළ අතර පසුගියදා එය සමාජයේ මහත් අන්දොනලනයක් හට ගැනුණා.

පසුව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විසින් නම් උඩුගත කිරීමේ දී සිදුවු වැරදීමක් ලෙස දක්වමින් තමාට ලිපියක් එවා ඇති බවද අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළා.

“මම අවුරුදු 25ක නීතිඥ කේෂ්ත්‍රයේ යෙදී සිටින නීතිඥවරයෙක්. මම කවදාවත් මගේ නම ඉදිරියෙන් ආචාර්ය කියලා සඳහන් කරලා නෑ. විසිටින් කාඩ් එකක්වත් ගහලා නෑ. මම පුරවපු ජීවදත්ත තොරතුරු පත්‍රිකාවෙත් මම පැහැදිලිව එය නිවැරදි කරලා තිබුණා. ආචාර්ය පදවියක් තිබුණේ නෑ. කොහෙන්ද මේක එන්නේ. සියල්ල සමස්තයක් ලෙස අරන් බලද්දි ඕනෑම කෙනෙකුට සැකයක් මතුවෙනවා මාව අපකීර්තියට පත්කරන්න එහෙම නැත්නම් මගේ දේශපාලනය ගැන තියෙන විශ්වාසය බිඳදැමීමට ව්‍යාජ දත්ත ඇතුළත් කරාදැයි සාධාරණ සැකයක් ඕන කෙනෙක් මතුවෙනවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *