Loading...

ජගත් මනුවර්ණට වරෙන්තු

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද (29) කැඳවූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වනවා.

මෙහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජගත් මනුවර්ණ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පැවසුවේ ඉඩම් බෙදා දීමේ ජාතික උත්සවයට තම සේවාදායකයා සහභාගී වී ඇති බැවින් අද (29) දින අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.

කෙසේ වෙතත් කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා සැකකරුට වරෙන්තු නිකුත් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *