ව්‍යාපාරිකයෙක් සහ වෛද්‍යවරයෙක් වන විරංජිත් තාඹුගල මහතාගේ බැංකු ගිණුමට 2018 වසරේ සිට 2022 දක්වා කාලය තුළ රුපියල් මිලියන 4757ක් බැරව වී ඇති බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඊයේ (10) අනාවරණය වුණා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (10) අධිකරණයේ දී මේ බව සඳහන් කර ඇත්තේ සැකකරු පිළිබඳ සිදුකරන නීතිවිරෝධී වත්කම් විමර්ශනයක් පිළිබඳ කරුණු දක්වමින්.
කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය ඉදිරියේ මෙම නඩුව ඊයේ (10) කැඳවනු ලැබුවා.
පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 70ක මුදලක් ලබාගෙන එය වංචා කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.








Leave a Reply