Loading...

2015 කුමන්ත්‍රණය යළිත් ක්‍රියාත්මක වනවා ද කියලා සැකයි – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්

රට පසුගිය වකවානුවේ කඩා වැටීමට කුමන්ත්‍රණය කිරීමට උපදෙස් දුන්නේ කවුද? කියන කරුණු හොඳින් තේරුම්ගෙන මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඡන්ද භාවිතා කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

2015 සිදුවූ කුමන්ත්‍රණය ඒ අයුරින්ම මේ වන විට සිදුවේ යැයි කියන සැකය යම්කිසි ආකාරයකින් තිබෙන බවයි මහලේකම්වරයා කියා සිටියේ.

‘‘2015 සිදුවූ කුමන්ත්‍රණය ඒ ආකාරයෙන්ම සිදුවුවාදෝ කියන සැකය අපිට යම්කිසි ආකාරයකින් තිබෙනවා.

2015 දී වගේම මේ අවස්ථාවේදිත් දිගින් දිගටම ජාතික දේපළ හොරකම් කළා , මේ රටේ විදේශ විනිමය ගුවන් යානාවලින් වෙනත් රටවලට ගෙනගියා වගේ මහා අසත්‍ය චෝදනා නගලා ජනමනස විකෘති කරලා ලබාගත්ත ඡන්දයක් හැටියට අපිට පේන්නේ.

මෙය ජනතාව නැවත තේරුම්ගන්නකොට නැවත ඔවුන් අපවටා ඒකරාශි වෙනවා. අපිට ඒ ශක්තිය දෙනවා කියන දැඩි විශ්වාසයක් තිබෙනවා.

ඒ වගේම ගියවර කුමන්ත්‍රණය සිදුවුනේ මේ රටේ ජාතික බලවේගය කඩලා ඒ බලය ලබාදුන්නා ධනවාදි කඳවුරකට. නමුත් මෙවර කළේ ඒක අසාර්ථක වෙච්ච නිසා ඒ ජාතික බලය කඩලා එය වාමවාදි කඳවුරකට ලබාදීමට කටයුතු කළා.

හැබැයි මේ ජාතික කදවුර කඩලා වාමවාදි කදවුරක් ශක්තිමත් කිරීම දිගටම ගෙනියන්න හැකිවේද ? නැත්ද? කියන කාරණය සම්බන්ධයෙන් මේකේ පිටිපස්සේ සිටින පිරිසටද සැකයක් තිබෙන නිසා වෙන්න ඇති මේ වන විට ව්‍යාජ ජනතවාදි, ජාතිකවාදි කදවුරකුත් බිහිකරන්නට කටයුතු කරලා තිබෙන්නේ.

මේ සියලු කරුණු කාරණා ගැන ජනතාව සිහිබුද්ධියෙන් යුතුව කටයුතු කරලා මේ රටට ඇත්තටම ආදරය කරන්නේ කවුද කියලා, මේ රටට ඇත්තටම සංවර්ධනයක් ගෙනාවේ කවුද කියලා, ඒ වගේම මේ රට පහුගිය කාලයේ කඩාවට්ටන්න සිදුකරපු කුමන්ත්‍රණයට උපදෙස් දුන්නේ කවුද? කියන කාරණා හොඳින් තේරුම් බේරුම් කරගෙන මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණයට ජනතාවගේ ඡන්දය භාවිතා කරන්න කියන ගෞවරනීය ඉල්ලීම කරනවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *