1996 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිනාගෙන අද (17) වසර 28ක් සපිරෙනවා.
ලාංකීය ක්‍රිකට් වංශ කතාවේ හැරවූම් ලක්ෂයක් සනිටුවන් කළ දිනයක් මෙය ලෙස සැලකෙනවා.
පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැති එම අවසන් මහා තරඟයට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාවේ සුදුසුකම් ලැබීමට සමත් වුණා.
කාසියේ වාසියේ දිනාගත් ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඔහු එම තීරණය ගනු ලැබුවේ තම කණ්ඩායම සම්බන්ධයෙන් තිබූ ඉහළ විශ්වාසය හේතුවෙන්.
ඒ අනුව ශ්‍රී ලංකා ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 7ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 241කි.
ඕස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් මාර්ක් ටේලර් ලකුණු 74ක් සහ රිකී පොන්ටින් ලකුණු 45ක් රැස් කළා.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් සනත් ජයසූරිය, කුමාර ධර්මසේන, මුත්තයියා මුරලිදරන් සහ චමින්ද වාස් එක් කඩුල්ල බැගින් දවා ගනු ලැබුවා.
ලකුණු 242 ජයග්‍රාහී ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 2කදී කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේ පළමු වරට ලෝක කුසලානයේ පහස ශ්‍රී ලංකවට උරුම කර දෙමින්.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අරවින්ද සිල්වා නොදැවී ලකුණු 107ක් රැස්කළ අතර නායක අර්ජුන රණතුංග නොදැවී ලකුණු 47ක් ලබා ගත්තා.
Leave a Reply