ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ආරම්භ වූ සටන් විරාම ගිවිසුම යටතේ පලස්තීන සිරකරුවන් 90 දෙනෙක් නිදහස් කර තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ මේ බව ඊශ්‍රායල බන්ධනාගාර සේවය තහවුරු කර ඇති බවයි.
ඊයේ (19) දිනයේ ආරම්භ වූ සටන් විරාම කාලය යටතේ පළමු අදියරේ කොටසක් ලෙස මෙම පලස්තීන සිරකරුවන් නිදහස් කර ඇති බවද සඳහන් වනවා.
මෙම සිරකරුවන් අතර කාන්තාවන් 69 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 21ක් දෙනෙක් ඇතුළත්ව තිබෙනවා.
ඊට අමතරව හමාස් භාරයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු ද නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
මේ අතර ගාසා සටන් විරාමය ගැන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අදාළ නිවේදනයේ සඳහන්ව ඇත්තේ ප්‍රාණ ඇපකරුවන් සහ රැඳවියන් හුවමාරු කර ගැනීමට, අභ්‍යන්තර අවතැන් වුවන් ගාසා තීරයේ ඔවුන්ගේ වාසස්ථාන වෙත ආපසු යාමට සහ ගාසා තීරයේ ජනතාවට මානුෂීය ආධාර සැපයීමට මඟ පාදන සටන් විරාම ගිවිසුම තිරසාර වනු ඇති බවට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවයි.
තවද පලස්තීනයේ සහ එම කලාපයේ ද සාමය ඉතා ඉක්මනින් ස්ථාපිත වනු අපේක්ෂා කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙනවා.
Leave a Reply