Loading...

ඊශ්‍රායලයෙන් ඉරානයට ප්‍රහාර – ප්‍රහාරයෙන් ඉරානයේ සන්නිවේදන ජාලයන්ට බාධා

ඊශ්‍රායලය ඉරානයට මිසයිල ප්‍රහාර දියත් කිරීම හේතුවෙන් මැදපෙරදිග කලාපයේ නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා.

මෙම ප්‍රහාරය දියත් වුණේ ඉරානය සහ අමෙරිකාව අතර උණුසුම් වාතාවරණයක් ගොඩනැගෙමින් පවතින පසුබිමකයි.

ඉරානයේ ටෙහෙරාන අගනුවර පිපිරීම් 3ක් සිදුව ඇති බව වාර්තා වනවා.

ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ මිසයිල ප්‍රහාර කිහිපයක් මෙලෙස එල්ල වී ඇති බවත් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනිගේ කාර්යාලය අසල ප්‍රදේශයට ද මින් එක් ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්ය.

අල් කමේනි ආරක්‍ෂිත ස්ථානයකට පිටත් කර හැර ඇති බවද මේ වන විට වාර්තා වනවා.

ඉරාන වේලාවෙන් සෙනසුරාදා අලුයම මෙම ප්‍රහාර මාලාව එල්ල වී ඇති බව සඳහන්.

එරට සතියේ වැඩ කරන දින ආරම්භය සමඟ මෙම ප්‍රහාර එල්ල වී තිබීමද විශේෂත්වයකි.

සිය හමුදා විසින් ඉරානයට එරෙහිව ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා තහවුරු කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ඊශ්‍රායලය පුරා විශේෂ සහ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇති බවයි.

මේ අතර ඊශ්‍රායලය විසින් ඉරානයට එල කළ ප්‍රහාර සඳහා අමෙරිකාවේ අනුදැනුම මත සිදු වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ සිය Truth Social ගිණුමේ සටහනක් තබමින්.

ඉරානයට එරෙහිව දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇති බව ට්‍රම්ප් එම සටහනෙන් පෙන්වා දෙනවා.

ට්‍රම්ප් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව අවසන් තීන්දුවක් ගෙන නොමැති බවයි.

මේ අතර මෙම ප්‍රහාර මාලාව එල්ල වීම සමඟ ඉරානය පුරා සන්නිවේදන ජාලයන්ට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ටෙහෙරානයේ නැගෙනහිර සහ බටහිර ප්‍රදේශවල ජංගම දුරකථන සේවා සම්පුර්ණයෙන්ම ඇණහිට ඇති බවයි.

තවද ඉරානයේ ප්‍රධාන අන්තර්ජාල යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවද ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *