හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ බ්‍රිතාන්‍යය අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාවට අද (27) හඳුනා නොගත් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම ප්‍රහාරයෙන් යාත්‍රාවට යම් හානි සිදුවී ඇති නමුත් එහි සිටි සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් කිසිඳු අනතුරකින් තොරව ආරක්ෂිතව පසුවන බවයි.
මීට දින කිහිපයකට පෙර ද හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ සිංගප්පුරුවට අයත් ඉන්ධන නැවකට ද මෙවැනි ප්‍රහාරයක් එල්ල වනවා.
ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස අමෙරිකානු බලධාරීන් විසින් ඊයේ (26) දිනයේ දී ඇතැම් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධියේ ගමන් ගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකට ප්‍රතිචාර ලෙස අමෙරිකානු හමුදාව විසින් ඉරාන ඉලක්ක වෙත ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වනවා.
පසුගිය 25 වනදා සිංගප්පුරුව ධජය සහිත Ever Lovely නැමැති වෙළෙඳ නෞකාවට ඉරානය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළා.
ඊට ප්‍රතිචාර ලෙස අමෙරිකානු මධ්‍යම බලඇණිය විසින් ඊයේ (27) දිනයේ ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ගබඩා මෙන්ම වෙරළබඩ රේඩාර් මධ්‍යස්ථාන වෙත ගුවන් ප්‍රහාර එල්ල කර විනාශ කර තිබෙනවා.
එම නෞකාව අනවසර මුහුදු මාර්ගයක ගමන් කිරීම නිසා ප්‍රහාරය එල්ල කළ බව ඉරානය පවසනවා.
අමෙරිකානු ප්‍රහාරයෙන් අනතුරුව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් කලාපයේ සිටින අමෙරිකානු හමුදා ඉලක්ක වෙත ද ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා.
ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය තුළ මැදපෙරදිග කලාපය නැවත වරක් අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇති බවයි.








Leave a Reply