ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව විවිධ පරස්පර විරෝධ මත හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙදරීමක් හටගෙන තිබෙනවා.
එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ පක්ෂයේ එක් පාර්ශවයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂක බවට පත් කළ යුතු යැයි තරයේ ප්‍රකාශ කර ඇති බවයි.
අනික් පාර්ශවය වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට අදහස් මතු කිරීම හේතුවෙන් මෙම දෙදරීම හටගෙන ඇති බව සඳහන්.
තවද රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බව ගම්පහ දිස්ත්‍රික්කයේ එම පක්ෂ නියෝජිතයන් යෝජනාවක් සම්මත කර ගැනීමද මෙම දෙදරා යාම උත්සන්න වීමට බලපෑ ඇති බවද වාර්තා වනවා.
අදාළ යෝජනාව පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නියෝජිතයෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්ණ කර තිබෙනවා.
මේ සම්බන්ධව කොළඹ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ඕනෑම යෝජනාවක් සම්මත කර ගැනීමට ඒ අයට නිදහස ඇති බවයි.
කුමන යෝජනාවක් සම්මත කරගත්තද පක්ෂය ගන්නා තීන්දු සමඟ ඔවුන් හිටගන්නා බව තමාට විශ්වාස බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
Leave a Reply