ජාතික විදුලිබල ප්රතිපත්තිමය මෙවර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බව වාර්තා වනවා.
දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඊයේ (23) දිනයේ රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජාතික විදුලිබල ප්රතිපත්තියට අදාළ කැබිනට් පත්රිකාව ඉදිරිපත්ව නොමැති බවයි.
ඒ අනුව ජාතික විදුලිබල ප්රතිපත්තිය සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම තවදුරටත් ප්රමාද වනු ඇති.
මේ සමඟ ලංකා විදුලිබල මණ්ඩලයේ ප්රතිව්යුහගත කිරීමේ කටයුතු ප්රමාද වන අතර ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි වන දිනය ප්රකාශයට පත් කිරීම ද කල් යනු ඇති බව වාර්තා වනවා.
අදියර 5ක් යටතේ ලංකා විදුලිබල මණ්ඩලය ප්රතිව්යුහගත කිරීමේ වැඩපිළිවෙල යටතේ ක්රියාත්මක වූ අතර ඉන් අදියර 4ක් මේ වන විටත් අවසන් කර තිබෙනවා.
ජාතික විදුලිබල ප්රතිපත්තිය සකස් කිරීමේ කටයුතු ද මේ වන විට අවසන්ව ඇති බව සඳහන්.
ඊට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබීමෙන් පසු ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි වන දිනය ප්රකාශයට පත් කිරීමට නියමිතයි.








Leave a Reply