ඉරානයට එරෙහිව යුද මෙහෙයුම් ආරම්භයේ සිට මේ වන තෙක් මියගිය අමෙරිකානු සෙබළුන් ගණන 4ක් දක්වා ඉහළ ගොස් ඇති බව අමෙරිකානු හමුදාව තහවුරු කර තිබෙනවා.
අමෙරිකානු ආරක්ෂක අංශ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඊයේ (01) දිනයේ දී සෙබළුන් තිදෙනෙක් මියගොස් තවත් පස් දෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බවයි.
ඉරානයේ මුල් ප්රහාරයන් හිදී බරපතල තුවාල ලැබූ සිව්වන සෙබළා ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගිය බව එරට ආරක්ෂක අංශ පවසා ඇති බව වාර්තා වනවා.
ප්‍රධාන සටන් මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති.
ප්‍රති ප්රහාරයන් අඛණ්ඩව සිදු කරන බවද අමෙරිකානු හමුදාව වැඩිදුරටත් අවධාරණය කර ඇති බවද වාර්තා වනවා.
අමෙරිකානු ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ මරණ 550කට අධික පිරිසක් මැරිලා
අමෙරිකානු ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ පුද්ගලයින් 550කට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වනවා.
පසුගිය සෙනසුරාදා ආරම්භ වූ යුද තත්ත්වය හමුවේ ඉරානය නගර 131කට ප්‍රහාර එල්ල වී තිබෙනවා.
ඉරාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඉරානයේ බාලිකා ප්‍රාථමික පාසලක සිදුවූ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 165ක් දෙනෙක් මියගොස් ඇති බව සඳහන්.
රෝහල් 9කට බරපතළ හානි සිදුවී ඇති ඇති අතර ප්‍රහාරවලින් රෝගීන් ගණනාවක් තුවාල ඇති බව ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් බෙයිගි පවසනවා.
යුද ගැටුම් හේතුවෙන් ඉරානයේ සිටි චීන ජාතිකයෙකු ද මියගිය බව චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
මේ අතර ඉරානයට එරෙහිව හමුදා මෙහෙයුම් ආරම්භ කළ දා සිට ඊශ්‍රායලයේ පුද්ගලයින් 10 දෙනෙක් මියගොස් පුද්ගලයින් 200කට වැඩි පිරිසක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.
එරට මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ දකුණු ලෙබනනය සහ බේරුට් වෙත ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පුද්ගලයින් 31 දෙනෙක් මියගොස් ඇති බවයි.
තවද ඉරානයේ පිළිගැනීමේ ප්‍රහාරවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇති බවද වාර්තා වනවා.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයට සහ ඊශ්‍රායල ගුවන් හමුදා මුලස්ථානයට ඉරානයෙන් ප්‍රහාර
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය සහ ඊශ්‍රායල ගුවන් හමුදා මුලස්ථානය ඉලක්ක කර ගනිමින් නවතම මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බවට ඉරාන විප්ලවීය බලකාය (IRGC) ප්‍රකාශ කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානයේ ෆාර්ස් පුවත් ඒජන්සිය නිකුත් කළ වාර්තාවක් අනුව “සොහොන්වාදී පාලනයේ අපරාධකාරී අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය සහ ගුවන් හමුදාපතිවරයාගේ මූලස්ථානය” සාර්ථකව ඉලක්ක කළ බව දක්වා ඇති බවයි.
මෙම ප්‍රහාරය සඳහා ඉරානය විසින් නිෂ්පාදිත කෙයිබර් වර්ගයේ මිසයිල භාවිතා කර ඇති බවද එම විදෙස් වාර්තාවල දැක්වෙනවා.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරවලින් සිදුවූ හානිය පිළිබඳව ඊශ්‍රායලය නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.








Leave a Reply