ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.
එහිදී ඔහු උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට භාරදීම සඳහා වන උත්සවයට සහභාගී වීමට නියමිතව තිබෙනවා.
ඊට අදාළ උත්සවය ලබන 24 වනදා පැවැත්වීමට නියමිතයි.
මෙහි මෙගාවොට් 60ක ධාරිතාවයකින් යුත් ප්‍රධාන ජල විදුලි බලාගාර දෙකක් ද ව්‍යාපෘතියට ඇතුළත් වන බවයි සඳහන් වන්නේ.
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ඉරාන සමාගම්වල විශිෂ්ඨතම තාක්ෂණික සහ ඉංජිනේරු සේවා ව්‍යාපෘතියක් ලෙසයි සැලකෙන්නේ.
කෘෂිකාර්මික ඉඩම් අක්කර 5000ක වාරිමාර්ග වැඩිදියුණු කිරීම සහ වසරක් තුළ ගිගාවොට් 290 ක විදුලි ජනනය කිරීම මෙම ව්‍යාපෘතියේ මුලික අරමුණ වනවා.
Leave a Reply