ඉරානය පුරා ක්‍රියාත්මක වන අන්තර්ජාල විසන්ධි වී ලොව කිසිඳු රටක් මෙතෙක් වාර්තා වූ දීර්ඝතම ජාතික මට්ටමේ අන්තර්ජාල තහනම බවට පත්ව තිබෙනවා.
NetBlocks නම් අන්තර්ජාල නිරීක්ෂණ කණ්ඩායම සඳහන් කරන්නේ මෙම අන්තර්ජාල බිඳවැටීම ලොව වෙනත් කිසිදු රටක සිදු වූ මෙවැනිම ආකාරයේ ජාතික මට්ටමේ සිදුවීම් සියල්ල අභිබවා ගොස් ඇති බවයි.
ඔවුන්ට අනුව මෙම අන්තර්ජාල බිඳ වැටීම දැනට අඛණ්ඩව 37 වන දිනටට් ක්‍රියාත්මක වන අතර එය පැය 864ක් සම්පුර්ණ කර ඇති බව පෙන්වා දෙනවා.
මෙම තත්ත්වය සමඟ ඉරාන වැසියන්ට බාහිර ලෝකය සමඟ සන්නිවේදනය කිරීමේ අවස්ථාව සම්පුර්ණයෙන්ම අඩපණ වී තිබෙනවා.
ට්‍රම්ප්ගේ ප්‍රකාශය බොරු – ගුවන් නියමුවා බේරාගන්න බැරි වුණා – ඉරානය
ඉරානය විසින් අමෙරිකානු ප්‍රහාරක යානයක් වෙඩි තබා බිම හෙලීමෙන් පසුව අතුරුදහන්ව සිටි තම ගුවන් නියමුවා මුදා ගත් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවක් නොමැති බව ඉරානය පවසනවා.
ට්‍රම්ප් සිය truth ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියේ ඉරානය විසින් ප්‍රහාරක යානයක් වෙඩි තබා බිම හෙලීමෙන් පසුව අතුරුදහන්ව සිටි ගුවන් නියමුවා සිය හමුදාව විසින් මුදාගත් බවයි.
කෙසේ නමුත් ඉරානය හමුදා මුලස්ථානය උපුටා දක්වමින් තස්නම් ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරන්නේ ගුවන් නියමුවා ගලවා ගැනීමේ අමෙරිකානු මෙහෙයුම අසාර්ථක වූ බවයි.
දකුණු ඉස්ෆහාන් කලාපයේ දී සිය හමුදා අමෙරිකානු ගුවන් යානා කිහිපයකට ප්‍රහාර එල්ල කර විනාශ කළ බවද ඉරානය පවසනවා.
ඉරානය සඳහන් කරන්නේ ගුවන් යානයක්, බ්ලැක්හෝක් හෙලිකොප්ටර් 2ක් සහ C-130 වර්ගයේ හමුදා සෙබළුන් රැගෙන යන ගුවන් යානයකට ප්‍රහාර එල්ලකළ බවයි.
තවද එම යානා තවමත් ගිනි ගනිමින් පවතින බවද තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධව අමෙරිකාව මේ දක්වා ප්‍රතිචාර දක්වා නැහැ.








Leave a Reply