මැදපෙරදිග කලාපයේ සිටින අමෙරිකානු සහ ඊශ්‍රායල අණදෙන නිලධාරීන් සහ දේශපාලන නිලධාරීන්ගේ නිවෙස් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බව ඉරානය අනතුරු අඟවා තිබෙනවා.
ඔවුන් සඳහන් කරන්නේ අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් විවිධ නගරවල සිටින ඉරාන සිවිල් වැසියන් පදිංචි නිවෙස් ඉලක්ක කරමින් එල්ල කරන ප්‍රහාරවලට පිළිගැනීමේ පියවරක් ලෙස මෙම ප්‍රහාර දියත් කරන බවයි.
මෙම යුද්ධය අතරතුර ඉරාන හමුදා අණදෙන නිලධාරීන් සහ නිලධාරීන් කිහිප දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වනවා.
මගේ ප්‍රියතම දේ ඉරානයෙන් තෙල් ඉල්ලා ගැනීමයි – ඩොනල්ඩ් ට්‍රම්ප්
තමාට ඉරානයේ තෙල් ලබාගත හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
තවද ඉරානයේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානය වන කාර්ග් දූපත අත්පත් කර ගැනීමට ද අමෙරිකාව හැකියාව පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
“ඇත්තම කියනවා නම්, මගේ ප්‍රියතම දෙය තමයි ඉරානයේ තෙල් ලබා ගැනීම… නමුත් අමෙරිකාවේ ඉන්න සමහර මෝඩ මිනිස්සු අහනවා ඇයි ඔබ ඒක කරන්නේ?’ කියලා… ඒත් ඔවුන් මෝඩ මිනිස්සු,”.








Leave a Reply