Loading...

ඉරානය සටන් විරාම යෝජනාව ගැන තීන්දුවක් ගනී

අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ ඉදිරිපත් වූ සටන් විරාම යෝජනාව ඉරානය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ තාවකාලික සටන් විරාමයකට එකඟ වීම වෙනුවට පවතින යුද ගැටුම් සඳහා ස්ථිර සහ තීරණාත්මක නිමාවක් අත්‍යාවශ්‍ය බව ඉරානය අවධාරණය කරන බවයි.

තවද හෝමූස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කරන ලෙස එල්ල වන බලපෑම්වලට ඔවුන් මෙහිදී සිය විරෝධය ද පළකර තිබෙනවා.

ජාත්‍යන්තර මැදිහත් වීම මත ඉදිරිපත් වූ තාවකාලික සාම සාකච්ඡා හෝ සටන් විරාමයන් මඟින් පවතින ප්‍රශ්නයට විසඳුම් නොලැබෙන බවද ඔවුන් මෙහිදී පෙන්වා දී ඇත.

ඉරානයේ නිල පුවත් ඒජන්සිය වන IRNA වාර්තා කරන්නේ පාකිස්ථානය හරහා අමෙරිකාව වෙත ඉරානය සිය පිළිතුර යොමු කරමින් මෙම තීරණය දැනුම් දී ඇති බවයි.

ඉරානය ඉදිරිපත් කළ ප්‍රතිචාර කරුණු 10 අතරින් ප්‍රධාන කරුණු කිහිපයක් සඳහන්ව ඇත.

කලාපීය ගැටුම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීම.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත යාත්‍රා ගමනාගමනය සඳහා නව ප්‍රොටෝකෝලයක් සකස් කිරීම.

පනවා ඇති සම්බාධක ඉවත් කිරීම.

යුද්ධයෙන් හානි වූ ප්‍රදේශ ප්‍රතිසංස්කරණය කිරීම.

අන්තර්ජාතික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ඉරානයේ මෙම තීරණය සමඟ මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය තවදුරටත් දරුණු අතට හැරෙනු ඇති බවයි.

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා තැබීම හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ තෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි බවද ඔවුන් සඳහන් කරනවා.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකරමින් පවසා ඇත්තේ හෙට (07) රාත්‍රී 8 වන විට ලෝක බලශක්ති සැපයුමට අතිශය වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය ආරම්භ කිරීමට එකඟ නොවන්නේ නම්, ටෙහෙරානය වෙත “නිරය” උදා කරන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *