ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනෙක් බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කුක් අයිලන්ඩ් ධජය යටතේ මෙම ඉන්ධන ප්‍රවාහන නෞකාව යාත්‍රා කර ඇති බවත් ඉරානයේ ජස්ක් නගරයට කිලෝ මීටර් 50ක් පමණ දුරින් දකුණු මුහුදේදී ඇති වූ කුණාටු තත්ත්වයක් හේතුවෙන් මෙම නෞකාව අනතුරුට පත්ව ඇති බවත්ය.
අනතුර පිළිබඳ තොරතුරු දැනගත් සැණින් වහාම ගලවා ගැනීමේ යාත්‍රාවක් අනතුර සිදුවූ ස්ථානයට පිටත් කර හැරි අතර එම යාත්‍රාව අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනෙක් බේරා ගත් බවද ජස්ක් වරාය සහ සමුද්‍රීය පරිපාලනයේ අධ්‍යක්ෂක මොහොමඩ් අමීන් අමානි ප්‍රකාශ කර තිබෙනවා.
බේරාගත් ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනෙක්ගෙන් පස් දෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වූ බවත් ඉරාන හදිසි සේවා මඟින් එම නාවිකයන් පස්දෙනාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදුන් බවත් සඳහන් වනවා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ සමස්තයක් ලෙස නාවිකයන් 21 දෙනා හොඳ කායික සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි.
Leave a Reply