ඉරානය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර සටන් අවසන් කිරීම සඳහා එකඟතාවකට පැමිණීම අවසන් අදියරට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි පවසන්නේ එම එකඟතාවේ එක කොටසක් ලෙස හොර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සම්බන්ධව අවධානය යොමුව ඇති බවයි.
ඉරානයට එරෙහිව පනවා ඇති එක්සත් ජනපද අවහිර කිරීම් ඉවත් කිරීම ද මෙම ගිවිසුමට ඇතුළත් වන බවත් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධ සාකච්ඡා පසුව ආරම්භ කිරීමට නියමිත බවත් ඔහු සඳහන් කරනවා.
එරට රාජ්‍ය රූපවාහිනියට එක්වෙමින් ඉරාන විදේශ අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
කෙසේ වෙතත් ගිවිසුමේ ඇතැම් කරුණු එක්සත් ජනපද නිලධාරීන් විසින් තහවුරු කර ඇති අතර ඉරානයට ලබාදෙන ආර්ථික සහන එරට ගිවිසුම්ගත බැඳීම් ඉටු කිරීම මත රඳා පවතින බවද ඉරාන පාර්ශවය පෙන්වා දී තිබෙනවා.
ඉරානයට එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර මාලාවක් සමඟ මේ වසරේ පෙබරවාරි 28 වනදා මෙම ගැටුම ආරම්භ වුණා.
එයට ප්‍රතිචාර ලෙස ඉරානය ඊශ්‍රායලය සහ ගල්ෆ් කලාපයේ අමෙරිකානු මිත්‍ර රටවලට ප්‍රහාර එල්ල කළා.
තවද ලෝකයේ තෙල් සහ ද්‍රව ස්වභාවික වායු ප්‍රවාහනය සඳහා අතිශය වැදගත් මාර්ගයක් වන හොර්මුස් සමුද්‍ර සන්ධිය ද වසා දැමුණා.
කෙසේ වෙතත් අප්‍රේල් මසදී සටන් විරාමයකට එකඟතාවක් ඇති වුවද ඉන් අනතුරුව දෙපාර්ශවය අතර වරින් වර ප්‍රහාර සහ වෙඩි හුවමාරු සිදුව තිබුණා.








Leave a Reply