යුද්ධය නිසා ඊශ්‍රායල ආර්ථිකයට ලොකු පාඩුවක් වෙලා
ඉරානය සමඟ පවතින යුද තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායල ආර්ථිකයට සිදුවන හානිය සම්බන්ධ වාර්තාවක් එරට මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
අදාළ වාර්තාවට අනුව සතියක කාලයකදී අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක පාඩුවක් ඊශ්‍රායල ආර්ථිකයට සිදුව ඇති බව සඳහන්.
එම අමාත්‍යාංශයේ නවතම වාර්තාවේ පෙන්වා දෙන්නේ යුද්ධය හේතුවෙන් එරට නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වීම, ආරක්ෂක වියදම් ඉහළ යාම සහ ව්‍යාපාරික කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බවයි.
මෙම තත්ත්වය එරටට දැවැන්ත මුල්‍ය අලාභයක් සිදු කර ඇති බවද එම වාර්තාවේ සඳහන් වනවා.
දිගු කාලීනව මෙම ගැටුම පැවතුනහොත් ඊශ්‍රායලයේ දළ දේශීය නිෂ්පාදිතයට සහ මූල්‍ය ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවා ඇති බව වාර්තා වනවා.
යුද්ධය නිසා නෞකා 20ක් ඉරානයට අහිමි වෙයි
ඉරානයට එරෙහි යුද්ධය ආරම්භයේ සිට මේ වන තෙක් එරට නෞකා 20කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කිරීමට හෝ මුහුදු බත් කිරීමට සමත් වූ බව අමෙරිකාව ප්‍රකාශ කර තිබෙනවා.
අමෙරිකාව පෙන්වා දෙන්නේ ඊයේ (03) රාත්‍රීයේ එල්ල කරන ලද ප්‍රහාරයකින් පසුව සුලෙයිමාන වර්ගයේ යුද නෞකාවක් ද එම විනාශ වූ නෞකා ලැයිස්තුවට එක් වූ බවයි.
මේ අතර ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ ජත්යන්ටහ්ර මුහුදු සිමාවේ ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමීමට අමෙරිකාව සමත් වුණා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සිදුවීම් පිළිබඳව ඉරානය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.
Maersk සමාගම ගල්ෆ් රටවල් ගැන හදිසියේ තීන්දුවක් ගනී
ලොව ප්‍රමුකතව නාවික ප්‍රවාහන සමාගමක් වන මර්ස්ක් ගල්ෆ් කලාපීය රටවල් කිහිපයක භාණ්ඩ වෙන්කර ගැනීම් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඔවුන් මෙම තීන්දුව ගෙන ඇත්තේ මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය සැලකිල්ලට ගනිමින්.
සිය මෙහෙයුම් කටයුතු යාවත්කාලීන කිරීමක් සිදු කරමින් එම සමාගම සඳහන් කරන්නේ නැවත දැනුම් දෙන තෙක් පහත රටවල් සහ ප්‍රදේශ සඳහා භාණ්ඩ ප්‍රවාහන ඇණවුම් භාර නොගන්නා බවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE)
ඕමානය (සලාලා වරාය හැර)
ඉරාකය, කුවේටය, කටාර් සහ බහරේනය
සවුදි අරාබියේ කොටසක් (දම්මාම් සහ ජුබයිල් ඇතුළුව)
ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 72ක් මියගිහින්
ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගිය ගණන 72ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 437 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව ඉරානයේ සහාය ලබා සන්නද්ධ කණ්ඩායම් උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දේශසීමා ගැටුම් නැවත ආරම්භ වුණා.
ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ දකුණු ප්‍රදේශයට සහ බීරූට් අගනුවර දකුණු තදාසන්න ප්‍රදේශවලට නැවත ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බව සඳහන්.
කුවේට් තෙල් නෞකාවක් අසල විශාල පිපිරීමක්
කුවේට් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ තෙල් නෞකාවක් අසල විශාල පිපිරීමක් සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් තෙල් කාන්දුවක් සිදුව ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් ආයතනය පවසනවා.
මෙම පිපිරීම සිදුව ඇත්තේ කුවේටයේ මුබාරක් අල් කබීර් සිට නාවික සැතපුම් 30ක් ගිනිකොණිනි.
තෙල් කාන්දුවක් හේතුවෙන් පාරිසරික බලපෑමක් එල්ල විය හැකි අතර පිපිරීම සමඟ කිසිඳු ගින්නක් වාර්තා වී නොමැති බවද එම ආයතනය පවසනවා.
කෙසේ වෙතත් නෞකාවේ කාර්ය මණ්ඩලය ආරක්‍ෂිත බවද ඔවුන් සඳහන් කරනවා.
ප්‍රහාර නවත්වන්න – කටාර් විදේශ ඇමති ඉරාන විදේශ ඇමතිගෙන් ඉල්ලයි
තම රටට එල්ල කරන ප්‍රහාර වහාම නතර කරන ලෙස කාටර් විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි ඉරාන රජයෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉරාන විදේශ අමාත්‍යවරයා සමඟ සිදුකළ දුරකථන සංවාදයකදී ඔහු මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි.
දුරකථන සාකච්ඡාවේ දී කටාර් විදේශ අමාත්‍යවරයා පෙන්වා ඇත්තේ ඉරානය කටාර් ඇතුළු අසල්වාසී රටවලට මිසයිල සහ ඩ්‍රෝන යානා සිය ගණනක් එල්ල කර ඇති බවත් අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් සිවිල් සහ බලශක්ති යටිතල පහසුකම්වලට ද පහර දී ඇති බවත්ය.
මේ හේතුවෙන් අරාබි නිලධාරීන් කෝපයට පත්ව සිටින බවද කටාර් විදේශ අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ අමෙරිකානු කඳවුරුවලට තමන් එල්ල කළ බවට ඉරාන විදේශ අමාත්‍යවරයා කළ ප්‍රකාශයට කටාර් විදේශ අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළ බවයි.
තම අසල්වැසියන්ට හානි කිරීම සහ ඔවුන් ඔවුන්ගේ නොවන යුද්ධයකට ගෙනැවිත් දැමීමට ඉරානය කටයුතු කරන බව ඔහු මෙහිදී චෝදනා කර තිබෙනවා.








Leave a Reply