ඉරාන ආරක්ෂක අංශ විසින් අමෙරිකානු ‘A – 10’ වර්ගයේ යානයකටද මිසයිල ප්‍රහාරයක් එල්ල බිම හෙලා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ හෝමූස් සමුද්‍ර සන්ධිය අසළ ඉහළ අහසේ දී ඊයේ (03) මෙම යානය ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
ප්‍රහාරය එල්ල වන සමඟ ගුවන් නියමුවා ඉන් පිටතට පැන දිවි බේරාගෙන ඇති බව සඳහන්.
ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් ඊයේ (03) බිමහෙළු F 15 ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා සෙවීම සඳහා ගමන් ගත් යානයක් බවට තොරතුරු වාර්තා වනවා.
මේ අනුව දිනක් තුළ අමෙරිකාවට ප්‍රහාරක යානා දෙකක් අහිමි වුණා.
Warthog යන අනවර්ථ නාමයෙන් ද හැදින්වෙන A-10 යානය තනි ආසන යානයක් මෙලෙස විනාශ වී තිබුණා.
මේ අතර අදාළ ගුවන් නියමුවේ සෙවීමේ අමෙරිකානු සෝදිසි මෙහෙයුම අතරතුර ඉරාන පොලීසිය විසින් අමෙරිකානු හෙලිකොප්ටර් යානාවලට වෙඩි තබා තිබෙනවා.








Leave a Reply