Loading...

පාතාලය හා සබඳතා පවත්වන දේශපාලනඥයින් ගැන පරීක්ෂණ ඇරඹේ

ඉෂාරා සෙව්වන්දි ඇතුළු පසුගිය කාලයේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන්ට සහ ඊට සම්බන්ධ පිරිසගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ පාතාලය හා සම්බන්ධ දේශපාලකයන් ගැන තොරතුරු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (18) පාර්ලිමේන්තු අයවැය කාරක සභා විවාදයට එක්වෙමින්.

මේ සම්බන්ධව විමර්ශන ක්‍රියාත්මක බවද ඔහු මෙහිදී පැවසුවා.

තවද සංවිධානාත්මක අපරාධකරුවන් 80 දෙනෙක්ට රතු නිවේදන නිකුත් කර ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය සමඟ දැනමටත් කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පසුගියදා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් බව පැවසෙන පිරිසගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අගෝස්තු 30 වන දිනෙන් පසුව T56 ගිනිඅවි 07ක්, T81 ගිනිඅවි එකක්, පිස්තෝල 06ක්, රිවෝල්වර 09ක්, වෙනත් අවි දෙකක් සහ උණ්ඩ 909ක් ද සොයාගත් බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *