Loading...

ඉරානයේ අන්තර්ජාල සබඳතා බිඳ වැටෙයි

අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරාන භූමියට එල්ල කළ දැවැන්ත ප්‍රහාරවලින් සහ ඉන් පසුව ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් පැය කිහිපයකට පසු එරට අන්තර්ජාල පහසුකම් දැඩි ලෙස සීමා කර ඇති බව වාර්තා වනවා.

අන්තර්ජාතික අන්තර්ජාල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන Kentik ආයතනයේ දත්තවලට අනුව සෙනසුරාදා එල්ල වූ ප්‍රහාරවලින් පසු ඉරානයේ සබඳතාවල සීඝ්‍ර පහත වැටීමක් දක්නට ලැබෙනවා.

ඉරානයේ ගෝලීය අන්තර්ජාල ප්‍රවේශයෙන් 99%ක් පමණ මේ වන විට විසන්ධි වී ඇති බවද එම ආයතනයේ දත්ත වාර්තා පෙන්වා දෙනවා.

ඉරාන රජයේ නිලධාරීන්ට හෝ රජයේ විශ්වාසය දිනාගත් පුද්ගලයින්ට අයත් ගිණුම් සීමිත ගණනක් පමණක් මේ වන විට සක්‍රීයව පවතින බව තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් ජාත්‍යන්තර අන්තර්ජාල සබඳතා මෙලෙස බිඳ වැටුණ ද ඉරානය තුළ ක්‍රියාත්මක වන දේශීය වෙබ් අඩවි සහ පණිවුඩ හුවමාරු පද්ධති මේ වන තෙක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

මේ වසරේ ජනවාරි මසදී පැවැති නොසන්සුන්කාරී වාතාවරණයකදී ඉරානය මෙලෙස රටපුරා අන්තර්ජාලය විසන්ධි කිරීමට පියවර ගැනුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *