Loading...

සලේගේ රිට් පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් ජූලි 17 දක්වා කල්යයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීම වළක්වාලන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ගොනු කළ රිට් පෙත්සමට සහාය පළ කරමින් ඉදිරිපත් කර ඇති අතරමැදි පෙත්සම් ලබන 17 වනදා කැඳවීමට අභියාචනාධිකරණය අද (10) නියෝග කළා.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පාර්ශව කිහිපයක් විසින් එම අතරමැදි පෙත්සම් ගොනු කර තිබෙනවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ අද (10) මෙම පෙත්සම් කැඳවනු ලැබුවා.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණයට දන්වා සිටියේ, මුල් රිට් පෙත්සම සම්බන්ධයෙන් නොතීසි නිකුත් කළහොත් පමණක් එම අතරමැදි පෙත්සම් සලකා බැලිය හැකි බවයි.

මේ අතර, මහජන අවධානයට ලක්ව ඇති මෙම නඩු කටයුත්ත සම්බන්ධයෙන් තමන්ටද මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් සහ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත්, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාගේ කරුණු දැක්වීම් අවසන් විය යුතු බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *