සුරාබදු පනතේ විධිවිධානයන්ට පටහැනි ආකාරයෙන් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (02) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍ර හිමියන්ගේ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් 03ක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝග කර ඇති බව සඳහන්.
ඒ අනුව මැයි මස 10 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
පෙත්සම්කාර පාර්ශවයට වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති සංජීව ජයවර්ධන මහතා ඇතුළු අනෙක් නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් වර්ථමානයේ අවිධිමත් ආකාරයට නීතියට පටහැනි ලෙස මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම සිදුවන බවද චෝදනාවක් එල්ල කර ඇති බව සඳහන්.
ඇතැම් බලපත්‍ර නිකුත් කිරීමේ දී සුරාබදු රෙගුලාසිවල සඳහන් මුලික අවශ්‍යතා පවා උල්ලංඝනය කර ඇති බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.
මේ අනුව සුරාබදු පනතේ හා රෙගුලාසිවල සඳහන් ප්‍රතිපාදන අබිබවා ගොස් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා ඇතුළු අනෙක් නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
ඉදිරිපත් වූ සියළු කරුණු සලකා බැලීමෙන් පසුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝග නිකුත් කෙරුණා.
Leave a Reply