ප්‍රජා උපදේශන කමිටුව පිහිටුවීමට අදාළව ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයක් ක්‍රියාත්මක වීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
පැෆරල් සංවිධානය විසින් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
පසුගිය පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාරදී සිටින අපේක්ෂකයින් සංවර්ධන කටයුතුවලට අදාළව ස්ථාපිත කළ ප්‍රජාව උපදේශන කමිටුව සාමාජිකයින් වශයෙන් යොදා ගැනීම තුළින් මැතිවරණ නීතිය උල්ලංඝනය වන බව පවසමින් එම සංවිධානය විසින් පෙත්සමක් ගොනු කර තිබුණා.
ඒ තුළින් සිය මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම චක්‍රලේඛය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
පෙත්සම් සලකා බැලීමෙන් පසුව විජිත් මලල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ කුමුදුනී වික්‍රමසිංහ යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කරනු ලැබුවා.








Leave a Reply