Loading...

පාතාලයෙන් වැටුප් ලබන බවට සැක පොලිස් නිලධාරීන් 200ක් ගැන බුද්ධි විමර්ශන

පාතාලයෙන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් වැටුප් ගන්නා බවට තොරතුරු ලැබී ඇති පොලිස් නිලධාරීන් 200කට ආසන්න පිරිසක් පිළිබඳව රජයේ බුද්ධි අංශ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

තවද මෙරට පාතාලය හා බැදුණු ක්‍රියාකාරීන් දෙදසකට ආසන්න පිරිසක් සිටින බවද තොරතුරු වාර්තා වනවා.

මේ අතර පාතාලයට සම්බන්ධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බවට පැවසෙන පොලිස් නිලධාරීන් 2000කට ආසන්න පිරිසක් පොලීසියෙන් මෑත භාගයේ දී නෙරපා ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සතිඅන්ත පුවත්පතකට පවසා තිබෙනවා.

එම පුවත්පතට අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ පාතාලයට සම්බන්ධ අය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බවට තොරතුරු හෙළි වූ පොලිස් නිලධාරීන් 6 දෙනෙකු සම්බන්ධව ද විමර්ශන පැවැත්වීමට ඒ පිළිබඳව තොරතුරු පොලිස් විශේෂ විමර්ශන අංශයට පසුගිය සතියේ දී යොමු කළ බවයි.

විවිධ ජාවාරම්කරුවන් සහ පාතාලය සමඟ සම්බන්ධ වී කටයුතු කරන පොලිස් නිලධාරීන් ගැන සෙවීමට බුද්ධි අංශ යොදවා ඇති බවද ඔහු පවසනවා.

ලැබුණු බුද්ධි තොරතුරු මත කල්පිටිය ඇතුළු ඇතැම් පොලිසිවල සියලු නිලධාරීන් පසුගිය දිනවල මාරු කළ බවද ඔහු හෙළිකර තිබෙනවා..


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *