Loading...

පාතාලය සමග සබඳතා පැවැත්වූ දේශපාලනඥයින් ගැන තොරතුරු ළඟදීම එළියට

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල ක්‍රියාකරුවන් කිහිපදෙනෙක් සමඟ සබඳතා පැවැත්වූ දේශපාලනඥයන්ගේ තොරතුරු හෙළි වූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (20) පාර්ලිමේන්තුවේ දී 27 (2) ඇසූ පැනයකට පිළිතුරු සපයමින්.

පද්මේ ඇතුළු කිහිපදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ඔවුන්ගේ දුරකථන 30ක් සම්බන්ධව සිදුකළ විමර්ශන අතරතුරදී මෙම කරුණු හෙළිව තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“කෙහෙල්බද්දර පත්මේ ඇතුළු පාතාල ක්‍රියාකරුවන් කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු විමර්ශන දිගින් දිගටම කරනවා.

ඔවුන් සතු දුරකථන 30ක් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.

ඒ දුරකථන හරහා ලබාගත් තොරතුරු සහ ඔවුන්ගේ ප්‍රකාශ හරහා ඔවුන් සමග සබඳතා පැවැත්වූ දේශපාලකයන්, ඔවුන් සමග ක්‍රියාකාරකම්වල යෙදුණු දේශපාලකයන් පිළිබඳ තොරතුරු අනාවරණය වෙලා තියෙනවා.

එම දේශපාලකයන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා, ප්‍රකාශ සටහන් කරගනිමින් ඉන්නවා

සම්පූර්ණ විමර්ශනකින් පසු මේ පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් සිදුකරනවා. මේ වනවිට විමර්ශන ඉතා සාර්ථකව පවතිනවා”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *