Loading...

දැවි තෙල් ජාවාරමක් ගැන තොරතුරු අනාවරණය වෙයි

කෙරවලපිටිය යුගදනවී බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා ගෙන යන දැවි තෙල් සොරකම් කර ඒවා වෙනත් ආයතනවලට විකුණන ජාවාරමක් වැටලීමට කොළොන්නාව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ විමර්ශන අංශය ඊයේ (04) සමත් වුණා.

මෙහිදී සිදුකරන ලද වැටලීමේදී සොරකම් කරන ලද දැවී තෙල් ලීටර් 33000ක් සමඟ බවුසර් රථයක් සහ පුද්ගලයින් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා භාවිත කරන දැවී තෙල් සොරා ගන්නා ජාවාරමක් සම්බන්ධව වත්තල බෝපිටිය ප්‍රදේශයෙන් තොරතුරු අනාවරණය වුණා.

එම බලාගාරයට රැගෙන යන දැවී තෙල් වත්තල, බෝපිටිය ප්‍රදේශයේ බවුසර් රථ අංගනයකදී සුක්ෂම අයුරින් සොරකම් කර වෙනත් ආයතන වෙත විකුණන බවට මෙහිදී හෙළිව තිබෙනවා.

මෙලෙස ලද තොරතුරු මත ක්‍රියාත්මක වූ කොළොන්නාව තොග ගබඩා පර්යන්තයේ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (04) පස්වරුවේ මෙම ස්ථානයේ වැටලීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ දැනට ඉදිකර ඇති දෙවන විශාලතම තාප විදුලි බලාගාරය ලෙස සැලකෙන කෙරවළපිටිය යුගදනවී බලාගාරය මඟින් මෙගාවොට් 300ක ධාරිතාවක් ජාතික පද්ධතියට සම්ප්‍රේෂණය කරනු ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *