සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 32ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ඊයේ (04) රාත්‍රියේ සමත් වුණා.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමු පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 240ක් ලබා ගනු ලැබුවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 40යි, දුනිත් වෙල්ලාලගේ ලකුණු 39ක් රැස් කළා.
පන්දුවෙන් දස්කම් දැක්වූ Washington Sundar කඩුලු 3ක්ද සහ Kuldeep Yadav කඩුලු 2ක් බිඳ හෙලුවා.
ලකුණු 241ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 2කදී සියලු දෙනා දැවී රැස් ලකුණු 208ක් පමණයි.
නායක රෝහිත් ශර්මා සහ ශුම්බන් ගිල් ඉන්දීය පළමු කඩුල්ලට ලකුණු 97ක සවිමත් ආරම්භයක් ලබා දුන්නා.
ඉන්දියාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගත් නායක රෝහිත් ශර්මා වේගවත් ලකුණු 64ක් රැස්කළා.
පන්දු 44කදී ගොඩනැගුනු ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් ඇතුලත් වුණා.
අක්සාර් පටෙල් ලකුණු 44යි. ගුබ්මන් ගිල ලකුණු 35යි.
භාරත පිතිකරුවන් මෙල්ල කිරීමේ බර කරට ගත් ජෙෆ්රි වැන්ඩසේ මුල් කඩුලු 6 දවා ගනිමින් තරඟයේ පාලනය ශ්‍රී ලංකාව දෙසට රැගෙන ඒමට සමත් වුණා.
වැන්ඩසේ ලකුණු 33කට කඩුලු 6ක් දවා ගනු ලැබු අතර එය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ඉන්දියාවට එරෙහිව දඟ පන්දු යවන්නෙක් ලබාගත් තෙවන හොඳම පන්දු යැවීම ලෙස වාර්තා පොත් අතරට එක්වෙනවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක චරිත් අසලංක කඩුලු 3ක් ලබා ගනු ලැබුවා.
මෙම ජයග්‍රහණය සමඟ තරඟ තුනකින් සමන්විත තරඟාවලිය 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ලබා ගත්තා.
Leave a Reply