ක්‍රිකට් ලොව ආකර්ෂණියම ලීග් තරඟාවලිය ලෙස සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 2025 අදියර ඇතුළුව ඉදිරි වසර තුනක පැවැත්වෙන කාලසීමාවන් නිවේදනය කර තිබෙනවා.
මෙය සැලකෙන්නේ IPL අදියර තුනක තරඟ පැවැත්වෙන කාලසීමාවක් ප්‍රසිද්ධයට පත්කළ පළමු අවස්ථාව ලෙසයි.
මේ අනුව 2025 වසරේ මාර්තු මස 14 වනදා IPL තරඟාවලිය ආරම්භ වන අතර එහි අවසන් මහා තරඟය මැයි මස 25 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරන්නේ 2026 තරඟවාරයේ දී මාර්තු මස 15 වී මැයි 31 දක්වා පැවැත්වෙන බවයි.
2027 තරඟවාරයේ දී මාර්තු මස 14 වනදා සිට මැයි මස 30 වනදා දක්වා ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලිය පැවැත්වෙනු ඇති.
මේ අතර මෙම වසරේ පැවැත්වූ තරඟ ගණනට වඩා මීළඟ වසර දෙකේ දී තරඟ ගණන වැඩි කර තිබෙනවා.
2025 හා 2026 අදියරයන්හි තරග සංඛ්‍යාව 84ක් දක්වා වැඩිකර ඇති අතර 2027 වසරේදී එම සංඛ්‍යාව තවත් වැඩිකර තරග 94ක් දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.








Leave a Reply