Loading...

මෙසී හරියට දැකගන්න බැරි වුණු ඉන්දීය ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණය වනසයි

තෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි ලියනොල් මෙසී අද (13) පෙරවරුවේ කොල්කටාහි සෝල්ට් ලේක් ක්‍රීඩාංගණයට පැමිණියා.

සංවිධායකයන් එහිදී දැනුම් දී තිබුණේ මෙසී එහි ප්‍රදර්ශන පාපන්දු ඉසව්වකට පැමිණෙන බවයි.

කෙසේ නමුත් ඔහු ක්‍රීඩාංගණයට පැමිණ කෙටි වේලාවකින් ඉන් පිටව යාම හේතුවෙන් එහි ක්‍රීඩාලෝලීන් කෝපයට පත්ව ක්‍රීඩාංගණයට බෝතල් සහ පුටු විසිකර කලබලකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

මෙහිදී ක්‍රීඩාලෝලීන් චෝදනා කරන්නේ මෙසීව දැකගැනීමට හැකි වුයේ විනාඩි 10ක් පමණක් බවත් සංවිධායකයින් තමන්ව රවටා ඇති බවත්ය.

මෙම අවස්ථාව වෙනුවෙන් අදාළ සංවිධායකයින් ඉන්දීය රුපියල් 18000ක මුදලකට ප්‍රවේශපත්‍රයක් අලෙවි කර ඇති බව සඳහන්.

කෙසේ නමුත් මේ වන විට අදාළ ඉසව්වේ ප්‍රධාන සංවිධායකවරයා ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *