විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (27) රාත්‍රීයේ සමත් වුණා.
තරඟාවලියේ දෙවන අවසන් පුර්ව තරඟයෙන් එංගලන්ත කණ්ඩායම ලකුණු 68කින් පරාජය කරමින් ඔවුන් මෙලෙස අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව ලබා ගත්තා.
ගයානා හිදී පැවැත්වුණු තරඟයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට එංගලන්තයට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් ලබා ගැනීමට සමත් වුණා.
ඉන්දියාව වෙනුවෙන් රෝහිත් ශර්මා ලකුණු 57ක් ලබා ගනු ලැබුවා.
ලකුණු 172ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 16යි 04කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 103ක් පමණි.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Axar Patel සහ Kuldeep Yadav කඩුලු 3 බැඟින් දවා ගනු ලැබුවා.
ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරඟාවලියේ මේ දක්වා ක්‍රීඩා කළ සියළු තරඟ ජයග්‍රහණ කර තිබීම විශේෂත්වයක්.
මේ අනුව 2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන අවසාන මහා තරඟය දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.
Leave a Reply