Loading...

ඉන්දියාව අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබයි

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ (24) පැවැති ඉන්දීය සහ ඕස්ට්‍රේලියාව තරඟයේ ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා.

St Lucia හි Daren Sammy National Cricket Stadium හිදී පැවැත්වුණු තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියා කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පන්දු යැවීමට තීරණය කළා.

මේ අනුව පන්දුවට පහර පිටියට පිවිසි ඉන්දියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 205ක් ලබා ගැනීමට සමත් වුණා.

ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නායක රෝහිත් ශර්මා ලකුණු 92ක් ලබා ගත් අතර ඔහුගේ ඉනිමට හයේ පහරවල් 8ක් හතරේ පහර 7ක් ඇතුළත්.

ඊට අමතරව සුර්යා කුමාර් යාදෙව් ලකුණු 31ක් ද, ශිවම් ඩුබේ ලකුණු 28ක් ද සහ හාර්දික් පාණ්ඩ්‍යා ලකුණු 27ක් රැස්කළා.

ඒ ලකුණු 24කින් ඔස්ට්‍රේලියාව පරාජයට පත් කරමින්.

අනතුරුව ලකුණු 206ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 181ක් පමණි.

පන්දු යැවීමේ දී Arshdeep Singh කඩුලු 03ක්ද, Kuldeep Yadav කඩුලු 02ක් දවා ගැනීමට සමත් වුණා.

මෙම තරඟ ජයග්‍රහණය සමඟ ඉන්දියාව අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගනු ලැබුවා.

ඒ අනුව එංගලන්තය සහ ඉන්දියාව අතර අවසන් පුර්ව වටයේ තරඟ ජුනි 27 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට ගයානා හිදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර සුපිරි 8ට කාණ්ඩයේ කණ්ඩායම් අතුරින් දකුණු අප්‍රිකාව මේ වන විට අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ඇති අතර අද (24) පැවැත්වෙන බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්ථානය අතර තරඟයෙන් පසුව ඇෆ්ගනිස්ථානය මෙම තරගය ජය ගතහොත් ඇෆ්ගනිස්ථානයත්, ඇෆ්ගනිස්ථානය පරාජයට පත් වුවහොත් ඔස්ට්‍රේලියාවත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමි වෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *