Loading...

ආසියානු කුසලානය ඉන්දියාවට තාම ලැබිලා නෑ

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය අවසන් වී ඊයේ (2) දිනට දින 4ක් සම්පුර්ණ වුවද, ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායමට කුසලානය හෝ ක්‍රීඩකයින් සඳහා පිරිනමන පද්දකම් ලැබී නොමැති බව වාර්තා වනවා.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය 1 වනදා ඩුබායි හිදී පවත්වා ඇති බව සඳහන්.

මෙහිදී ඉන්දීය කණ්ඩායමට කුසලානය හෝ ජයග්‍රාහීකයින්ගේ පදක්කම් ලබා දෙන්නේ ද යන්න පිළිබඳව අවසන් එකඟතාවකට පැමිණි නොමැති බවයි වාර්තා වන්නේ.

අදාළ රැස්වීමට ඉන්දීය ක්‍රිකට් උප සභාපති රජීව් ශුක්ලා ඇතුළු කිහිපදෙනෙක් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී තිබෙනවා.

ඉන්දියාවට කුසලාන ලබාදීම පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තබමින් මොහ්සින් නක්වි පවසා සිටියේ ඉන්දියාවට කුසලානය ලබාදීමට තමා එදිනම සුදානම්ව සිටි බවත් තවමත් ඒ සඳහා සුදානම් බවත්ය.

“ACC සභාපතිවරයා ලෙස මම එදිනම කුසලානය ලබාදීමට සූදානම්ව සිටියා. මම තවමත් සූදානම්.

ඔවුන්ට කුසලානය ඇත්තටම ඕනනම් , ACC කාර්යාලයට ඇවිත් මගෙන් ලබාගන්න. ඒ සඳහා ඔවුන් සාදරයෙන් පිළිගන්නවා”.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *