Loading...

වසර දෙකකදී විදුලි ඉංජිනේරු 159ක් රට හැර ගිහින්

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළ ඉංජිනේරුවන් 159ක් වසර දෙකක කාලයක් තුළ විදේශගත ඇති බව වාර්තා වනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා කියා සිටියේ ඉන් ඉංජිනේරු 105 දෙනෙක් සේවයෙන් ඉවත් ගොස් ඇති අතර තවත් 54ක් නිවාඩු ලබා විදේශගත ඇති බවයි.

එම මණ්ඩලයේ සේවය කළ පළපුරුදු සහ ඉතාමත් සංකීර්ණ රාජකාරිවල නිරත වූ ඉංජිනේරුවන් තවදුරටත් සේවයෙන් ඉවත් වුවහොත් ලංවිම දැඩි අර්බුධකාරී තත්වයකට පත්වන තිබෙන බව ඔහු සඳහන් කරනවා.

රට තුළ පවතින ආර්ථික පසුබෑම සහ ඉහළ බදු මෙම තත්ත්වයට ප්‍රධාන හේතු වී තිබෙනවා.

ඒ මහතා ප්‍රකාශ කරන්නේ නිවාඩු ලබා විදේශගත සිටින ඉංජිනේරුවන්ගේ වැඩි ගණන විවිධ රටවල්වල ස්ථිර පදිංචි බලපත්‍ර ගෙන ඇති බවයි.

මේ හේතුවෙන් ඔවුන් නැවත සේවයට පැමිණේ යැයි විශ්වාස පළකළ නොහැකි බවද ඔහු සඳහන් කරනවා.

විදේශවල අලුත් ඉංජිනේරුවෙක්ට මාසකට ඩොලර් 4,000 ක පමණ වැටුපක් ලැබෙන බවත් පළපුරුදු ඉංජිනේරුවෙක්ට ඇතම් රටවලදී මසකට ඩොලර් 6,000 ත් 8,000 ත් අතර වැටුපත් ලැබිය හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *