2024 වසරේ ගත වූ මුල් මාස 3 තුළ ශ්‍රී ලාංකිකයින් 75000කට ආසන්න පිරිසක් රැකියා සඳහා විදෙස් ගතව ඇති බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ එම කාලය තුළ පුද්ගලයින් 74499 දෙනෙක් රැකියා සඳහා විදෙස් ගතව ඇති බවයි.
ඉන් පිරිමි ශ්‍රමිකයින් 39900ක් වන අතර 34599 දෙනෙක් කාන්තා ශ්‍රමිකයින් වන බව සඳහන්.
ලාංකිකයන් වැඩි දෙනෙක් රැකියා සඳහා කුවේට් රාජ්‍ය ගොස් ඇති අතර එම ගණන 17793ක් ලෙස සටහන්ව තිබෙනවා.
පෙර වර්ෂවලට සාපේක්ෂව 2024 මුල් මාස තුන තුළ දකුණු කොරියාව, ඊශ්‍රයාලය හා ජපානය වැනි රටවල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුවීමේ වැඩි උනන්දුවක් දක්වන බවද එම කාර්යාංශය පෙන්වා දෙනවා.
රැකියා සඳහා දකුණු කොරියාව වෙත ලාංකිකයන් 2374ක් ද, ඊශ්‍රායලය සඳහා 2114ක් ද, රුමේනියාව සඳහා 1899ක් ද, ජපානය සඳහා 1947 දෙනෙක්ද මේ වන විට පිටත්ව ගොස් තිබෙනවා.
Leave a Reply