Loading...

IMF පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය ලබන බදාදා

විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට අදාළ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය ලබන බදාදා දින සලකා බැලීමට නියමිතව තිබෙනවා.

IMF මෙහෙයුම් ප්‍රධානී එවන් පැපාජෝජියෝ පවසන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

පසුගිය වසර කිහිපය තුළ මෙරට බලධාරීන් විසින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම, විදේශ සංචිත නැවත ගොඩගැනීම සහ ආර්ථිකය පිළිබඳව විශ්වාසය ශක්තිමත් කිරීම සම්බන්ධව සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගත යුතු බවට ඔහු පෙන්වා දෙනවා.

එම උත්සාහයන් ආයෝජකයින්, කොටස්කරුවන් සහ මහජනතාවට විසින් හඳුනාගෙන ඇති අතර එය ආර්ථිකය ශක්තිමත් පදනමක් කරාගෙන යාමට උපකාරී වන බව සඳහන්.

කෙසේ වෙතත් ඒ මහතා පවසන්නේ අභියෝගාත්මක බාහිර පරිසරයක් තුළ මෑත කාලීන ගෝලීය ආර්ථික වර්ධනයන් හේතුවෙන් බොහෝ ආර්ථිකයන්ට නව පීඩන එල්ල වී ඇති බවත් එම තත්ත්වය මඟ හැරීම සරල නොවන බවත්ය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති රාමුව අතීතයට වඩා සැලකිය යුතු ලෙස ශක්තිමත්ව ඇති බව ඔහු සඳහන් කරනවා.

IMF මෙහෙයුම් ප්‍රධානී කියා සිටින්නේ ස්ථාවර ප්‍රතිපත්ති මාර්ගයක් පවත්වාගෙන යාම සහ වෙනස්වන තත්තවයන්ට ආර්ථිකය හැඩ ගැසීමට ඉඩදීම මෙතෙක් ලබාගත් ප්‍රගතිය රැක ගැනීමට උපකාරී වන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *