Loading...

07 වන සමාලෝචනය වෙනුවෙන් IMF නියෝජිත පිරිසක් ලබන සතියේ ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් කණ්ඩායමක් එළැඹෙන සතියේදී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම (EFF) යටතේ වන හත්වන සමාලෝචනය පිළිබඳව මෙරට බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීම සඳහායි.

ඊට අදාළව එම නියෝජිත පිරිස එළැඹෙන සතියේ 10 වැනිදා සිට 23 වැනිදා දක්වා මෙරට රැඳී සිටිමින් අදාළ සාකච්ඡාවල නිරතවනු ඇති.

එම දින කිහිපය තුළදී මෑත කාලීන ආර්ථික වර්ධනයන්, ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ ප්‍රගතිය මෙන්ම දිගුකාලීන ව්‍යුහාත්මක ගැටලු සම්බන්ධයෙන්ද මෙරට බලධාරීන් සහ IMF නියෝජිතයින් අතර දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *