ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමඟ විවාදයට සඳහා තම පාර්ශවය සුදානම් බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහන යටතේ වීරකැටිය ඕකන්දයාය විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවකට එක්වෙමින්.
සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් අතර යෝජිත විවාදය පැවැත්වීමට වෙනුවෙන් ජාතික ජන බලවේගය ලිපියක් යොමු කරමින් දින කිහිපයක් යෝජනා කර තිබුණා.
මේ අනුව එම විවාදය සඳහා ලබන මැයි මස 07, 09, 13 හෝ 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට සුදානම් බව එම ලිපියේ සඳහන් වුණා.
Leave a Reply