ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා නොපැමිණෙන්නේ නම් ඒ සම්බන්ධව දැනුම් දෙන ලෙස ඉල්ලමින් ජාතික ජන බලවේගය විසින් සමඟි ජන බලවේගය වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ජාතික ජන බලවේගය එම ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ යෝජිත විවාදය සඳහා මැයි මස 07,09,13 සහ 14 යන දිනවලින් සජබය කැමැති දිනයක් යොදා ගැනීමට එකඟත්වය පළකර ඇති බවයි.
සජබය සුදානම අනුව දිනය තෝරා ගැනීමෙන් අනතුරුව විවාදය පැවැත්වීමට අදාළ වෙලාව සහ විවාදයේ කාලසීමාව ආදී කරුණු පිළිබඳව සාකච්ඡා කරගත හැකි බවද ජාතික ජන බලවේගය සඳහන් කර තිබෙනවා.
Leave a Reply