අවස්ථාවක් ලද හොත් පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු නිසැක වශයෙන් අල්ලන බවට සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ තලාහේන පක්ෂ කාර්යාලයේ අද (21) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීයි.
පාස්කු ප්‍රහාරය සිදුවී අද (21) දිනට වසර 5ක් ගත වුවත් එම ප්‍රහාරයේ මහ මොළකරුවන් නිදැල්ලේ සැරිසරන සරන බවද ඔහු කියා සිටියා.
එහිදී අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා
“බුද්ධි තොරතුරු වලට අනුව එම ප්‍රහාරය සිදුවන දිනය වේලාව ස්ථාන සියල්ලම රාජ්‍ය බුද්ධි තොරතුරු නිලධාරීන් විසින් කලින් දැනුම් දී තිබියදීත් එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දඬුවම් ලැබිය යුතු බවත් හිටපු බුද්ධි ප්‍රධානී එම තොරතුරු වසං කළේ නම් ඔහු දඬුවම් ලැබිය යුතුයි.
සියල්ලම රාජ්‍ය බුද්ධි තොරතුරු නිලධාරීන් විසින් කලින් දැනුම් දී තිබියදීත් එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දඬුවම් ලැබිය යුතු වනවා.”
තොරතුරු මුලාශ්‍ර – ලංකාදීප
Leave a Reply