ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව පිළිබඳව පැන නැගී ඇති ගැටළුවක් සාකච්ඡා කිරීම සඳහා ICC ප්‍රධානී ජෙයි ෂා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුව තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය පවසන්නේ මෙම හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ ගැටළුව ප්‍රමුඛව සාකච්ඡාවට ගනු ඇති බවයි.
මේ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ජනාධිපතිවරයා හමුවී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතිරීතිවලට පටහැනි බව සැලකෙන ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීම සම්බන්ධව සාකච්ඡා වනු ඇති බවද එම මාධ්‍ය වාර්තාවල පෙන්වා දෙනවා.
ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් පසුගිය අප්‍රේල් මස දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවත්වාගෙන යාම සඳහා අතුරු කමිටුවක් පත් කරනු ලැබුවා.







Leave a Reply