Loading...

කළු කතාව අයින් කරලා සුද්ද කරලා දෙන්නම් – අනුර කුමාර දිසානායක

වර්ථමානය වන විට විසිරී ඇති බලශක්ති ක්ෂේත්‍රය ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ එක් අමාත්‍යාංශයක් තුළට ගෙන එන බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා වන ජාතික ජන බලවේගයේ විදුලිබල සහ බලශක්ති ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළා.

මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා,

“අපි ජනන සැලැස්මක් සකස් කරනවා වැඩිවන විදුලි ඉල්ලුම සපුරා ගැනීම සම්බන්ධයෙන්. විසඳුම් ලෙස ආණ්ඩුව ගේන්නේ හදිසි මිලදීගැනීම්. මෙතන තිබෙන්නේ සේවක හෝ ඉංජිනේරු ප්‍රශ්නයක් නෙමෙයි. දේශපාලන ප්‍රශ්නයක්.

බලශක්ති ක්ෂේත්‍රය පුරා පැතිරී තිබෙන කළු කතාව අපි අයින් කරලා දෙන්නම්. සුද්ද කරලා දෙන්නම්. විදුලිබල මණ්ඩලය අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍යයි. විදුලි ජනනය සඳහා පෞද්ගලික ආයෝජන කැඳවීමට අපි පක්ෂපාතීයි. හැබැයි අයුක්ති සහගත ව්‍යාපෘතිවලට ඉඩ දෙන්නේ නැහැ. අපි මේ ඔක්කොම එක අමාත්‍යාංශයක් යටතට පිහිටුවනවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *