අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් භාරයේ සිටින රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා සිය උපවාසය අත්නොහරින බව නැවත වරක් අවධාරණය කර තිබෙනවා.
මෙහිදී ඔහු පෙන්වා දී ඇත්තේ තමන් නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් කුටිය වෙත පැමිණීමට අකමැති බවත් මරණය ඊට වඩා සුදුසු බවත්ය.
කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින සලේ මහතා බැලීම සඳහා ඔහුගේ පෞද්ගලික නීතිඥවරයා ගිය අවස්ථාවේ මේ බව ප්රකාශ කර තිබෙනවා.
මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශන කටයුතු පිළිබඳව මෙන්ම ත්රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව රජයේ ස්ථාවරය, අස්ගිරි පාර්ශවයේ නාහිමි විසින් ජනාධිපතිවරයාට සිදුකර ඇති ඉල්ලීම සම්බන්ධව මෙහිදී නීතිඥවරයා විසින් සුරේෂ් සලේ මහතා දැනුම්වත් කර ඇති බව සඳහන්.
මේ අනුව දැනට සිදුකරන උපවාසය නතර කරන ලෙස නීතිඥවරයා සුරේෂ් සලේ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
තමන් නැවත අදාළ රැඳවුම් කුටියට පැමිණීමට අකමැති බවත් එම ස්ථානය නිරයක් බවත් ඔහු සඳහන් කර ඇත.
සලේ පෙන්වා දෙන්නේ අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා තමන් සමඟ පෞද්ගලික වෛරයක් පවතින බවයි.
එම නිසා සිය උපවාසය අත්නොහරින බවද සුරේෂ් සලේ මහතා නීතිඥවරයා දැනුම් දී තිබෙනවා.






Leave a Reply