Loading...

නුගේගොඩ රැළියට මම යන්නේ නෑ – නවීන් දිසානායක

ලබන 21 වනදා නුගේගොඩ දී ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන රැළියට තමා සහභාගී නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියොජ නායක නවීන් දිසානායක මහතා පවසනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කරනවා.

ආණ්ඩුවට විරෝධය පළකිරීමේ නුගේගොඩ රැලියට සහභාගී නොවන බව මම මගේ ස්ථාවරය පැහැදිලි කරමින් එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුවට ඔක්තෝබර් 30 වෙනිදා දැනුම් දුන්නෙමි.

එහිදී මම ප්‍රකාශ කළේ , සමගි ජන බලවේගය ඇතුළු සියලුම විපක්ෂ දේශපාලන පක්ෂ සහභාගී කර ගැනීමකින් තොරව සිදුකරන විරෝධතා ප්‍රතිඵලදායී නොවන නිසා ආණ්ඩුවට විරෝධයපාන සෑම උත්සාහයක්ම සියලු දෙනා එකාබද්ධ වී ගත යුතු බවයි.

එසේ නොකළහොත් එය අසාර්ථක උත්සාහයක්වනවා සේම මගේ වෘත්තීය ජීවිතයේදී නැවත කිසි දිනෙක පොහොට්ටුව සමඟ සම්බන්ධ වීමට මට අවශ්‍ය නැති බවත් එහිදී මම එක්සත් ජාතික පක්ෂ කලමනාකරණ කමිටුවට දැනුම් දුන්නෙමි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *